දහහතරවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/05/24
ඇතැම් නඩුවලදී ජනාධිපතිවරයාගේ මුක්තීන් ඇතැම් අවස්ථාවලදී ක්‍රියාත්මක නොකරනු පිණිස 35වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දක්වා වැඩිකිරීම පිණිස 62 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
ජනමත විචාරණයක් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත්කර ඇති අවස්ථාවකදී පනත් කෙටුම්පතක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් නොකළ යුතු බවට කොන්දේසි ඇතුළත් කිරීම සඳහා 80 වන ව්‍යවස්ථාව සංශෝධනය.
සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම පිළිබඳව වූ 96 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
96(අ) ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 99 වන වගන්තිය ආදේශ කිරීම.
මහ මැතිවරණයක දී එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරා ගැනීම පිළිබඳව වූ 99(අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
ජනමත විචාරණ පිළිබඳ පෙත්සම් ද ඇතුළුව මැතිවරණ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය පුළුල් කිරීම සඳහා 130 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்







