ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“BestWeb 2014” සම්මාන උළෙල

දිනය : 2014-08-08

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ පැවැති “විශිෂ්ටතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (BestWeb) 2014” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය (parliament.lk) “විශිෂ්ටතම ශ්‍රී ලාංකීය රාජ්‍ය වෙබ් අඩවිය” ලෙස නැවත වරක් කිරුළු පැළඳීය. පස්වැනි වරටත් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ දී පාර්ලිමේන්තු වෙබ් අඩවිය ජාතික පිළිගැනීමකින් සම්මානයට පාත්‍ර වූ සිව්වැනි අවස්ථාව මෙය වේ. දෙමළ සහ සිංහල අංශවලින් ද පිළිවෙළින් රන් සහ ලෝකඩ සම්මාන දිනා ගනිමින් එම සන්ධ්‍යාවේ වඩාත් ම සම්මානයට පාත්‍ර වූ ජයග්‍රාහකයා වීමට අප වෙබ් අඩවිය සමත් විය.

 

පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තෝ සහ විද්වත්හු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආශ්‍රිත පුවත්:
පාර්ලිමේන්තු වෙබ් අඩවිය සිව්වැනි වරටත් ‍රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියයි

 

 

 

 

පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ධම්මික දසනායක මහතා, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය - 2014” සම්මානය ලබා ගනිමින්

 

 

 

 

 

  

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි