ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-05-22

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරයන් සඳහා සම්මන්ත්‍රණය


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා                    
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ. එම්. එම්. එම්. රත්වත්තේ මහත්මිය                    
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා                    
(viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා                    
(ix)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන අවම වැටුප

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් දහයක්


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උතුරු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සවිබල ගැන්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2025 මැයි මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි