වියට්නාම ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්‍ය කථානායක) ප්‍රමුඛ පාර්ලිමේන්තු දූත පිරිසක් අද (මාර්තු 19) ශ්‍රී ලංකාවට |
දිනය : | 2025-03-19 |
- දූත පිරිස හෙට (20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ ගරු උප සභාපති (නියෝජ්‍ය කථානායක) යෙන් ඩක් හායි (Nguyen Duc Hai)මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක්, සිව් දින නිල සංචාරයක් සඳහා අද (19) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව, දූත පිරිස හෙට (20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව ඇත.
දූත පිරිසේ පාර්ලිමේන්තු සංචාරය අතරතුර ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හමුවීමට මෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සැමරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නියමිතය. එසේම දූත පිරිස මෙරට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතා නව දිශාවකට යොමු කිරීමට මෙම සාකච්ඡා තුළින් අපේක්ෂා කෙරේ.
දූත පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ රැස්වීම නැරඹීමට සහ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වීමට ද කාලය වෙන් කර ඇත.
තවද, සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔවුන් වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) මහතාගේ කොළඹ පිහිටි ප්‍රතිමාවට ගෞරව දැක්වීමට සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා හමුවීමට සැලසුම් කර තිබේ.
එසේම දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට නියමිතය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






