2025 මාර්තු මස 01 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-03-01 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2023 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා
තිරසාර බලශක්තිය සහ තිරසාර නොවන බලශක්ති උත්පාදනය යනාදිය.
ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම හේතුවෙන් හෙද හෙදියන්ගේ ඇති වී තිබෙන වැටුප් ගැටළු පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලදී -
(i) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) දේශීය ආදායම් (සංශෝධන) - 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද; අපරාධකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද; අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවීම සඳහා ද; අපරාධයකින් උත්පාදිත දේ අය කර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යායතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“යුක්තිය පසිඳලීම පිළිබඳ විශේෂ කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාව” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2025 මාර්තු මස 3 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.