2025 පෙබරවාරි මස 28 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-02-28 |
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය” දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2023 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු නලින් හේවගේ මහතා
(iii) ගරු අනුරාධ ජයරත්න මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ආර්.එම්. ගාමිණී රත්නායක මහතා
(v) ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
(vi) ගරු ජගත් විතාන මහතා
(vii) ගරු තිළිණ සමරකෝන් මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
උතුරු පළාතේ ගම්මානවල ක්‍රීඩා පිටි ඉදිකිරීම
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
බන්ධනාගාරවල රඳවා සිටින දේශපාලන සිරකරුවන්
අමාත්‍යාංශ නිවේදන
රජයේ පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය, අවම සුදුසුකම්, පුරප්පාඩු ආදිය සම්බන්ධයෙන් 2025.02.25 දින ගරු දිලිත් ජයවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2025 මාර්තු මස 1 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






