ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 පෙබරවාරි මස 27 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-27

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

2 : කාරක සභා අවස්ථාවේ විවාදයේදී සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන්
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම   

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තිය යටතේ  මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 10 දිනැති අංක 2418/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 01/2025 දරන සුරාබදු නිවේදනය)
(ii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii)    2025 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව
(iv)    2023 වර්ෂය සඳහා 1990 සුවසැරිය පදනමේ වාර්ෂික වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා - පෙත්සම් හතරයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා -  පෙත්සම් දෙකයි
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා                    
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් මහතා  -  පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
අපරාධ ක්‍රියා සහ ඒවා වැළැක්වීමට ගත් පියවර

ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැවත ස්ථානගත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මනෝ ගනේෂන් මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1834 ට 2025 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි