ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 පෙබරවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-25

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 27 දිනැති අංක‍ 2421/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 31 දිනැති අංක‍ 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල බදුල්ල, ගාල්ල, පොළොන්නරුව, කෑගල්ල, ගම්පහ, නුවරඑළිය, වවුනියාව, මන්නාරම, මඩකලපුව, මාතලේ, මහනුවර, කළුතර, මාතර, කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, කොළඹ, මොනරාගල, මුලතිව්, අම්පාර, රත්නපුර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ‍ රෙජිස්ට්‍ර‍ාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා - පෙත්සම් තුනයි
(ii)    ගරු රෝහණ බංඩාර මහතා - පෙත්සම් දෙකයි
(iii)    ගරු ගයාන් ජනක මහතා                    
(iv)    ගරු සුසන්ත කුමාර නවරත්න මහතා - පෙත්සම් දෙකයි
(v)    ගරු අරුණ පනාගොඩ මහතා - පෙත්සම් දෙකයි
(vi)    ගරු නිශාන්ත පෙරේරා මහතා                    
(vii)    ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා                    
(viii)    ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා                    
(ix)    ගරු චන්දන සූරියආරච්චි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු දිලිත් ජයවීර මහතා
රජයේ පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය, අවම සුදුසුකම්, පුරප්පාඩු ආදිය



වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ඔහුට සිදුකළ පහරදීම සහ ආරක්ෂාව ඉල්ලා සිටීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (හත්වැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 155 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 46 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2025) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2025 පෙබරවාරි මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි