2025 පෙබරවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-24

Print

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා                    
(ii)    ගරු රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් හතයි
(iii)    ගරු තනුර දිසානායක මහතා     - පෙත්සම් පහයි
(iv)    ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය - පෙත්සම් දෙකයි
(v)    ගරු මුහම්මද් ෆයිසාල් මහතා     - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

බහාලුම් හැසිරවීමේදී ඇතිවන නිෂ්කාශන ගැටළු, ප්‍රමාදය යනාදිය සම්බන්ධයෙන් 2025.02.05 දින ගරු රවී කරුණානායක මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය විසින් පිළිතුරු සපයන ලදී.


ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 හි විධිවිධානවල සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙහි කුමක් සඳහන්ව තිබුණ ද,  2025 පෙබරවාරි 22 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය විසින් දැරිය යුතු ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (හයවැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් යෝජනා කරන ලදී.

      
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2025 පෙබරවාරි මස 25 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.