2025 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-22

Print

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
2 : පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරයන් හා ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගී වන විශේෂ රැස්වීම



ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනතේ 16 වගන්තිය සමඟ කියවිය යුතු 112 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 දෙසැම්බර් 22 දිනැති අංක 2415/79 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් පී. පෙරේරා මහතා  -  පෙත්සම් හතරයි
(ii)    ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා                    
(iii)    ගරු ධර්මප්‍රිය දිසානායක මහතා - පෙත්සම් හතයි
(iv)    ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් තුනයි
(v)    ගරු නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



අමාත්‍යාංශ නිවේදන

(i)    ගල්ඔය ප්‍රදේශයේදී ‘මීනගයා’ දුම්රියේ අලීන් ගැටීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    රටේ මෑතකදී ඇති වූ විදුලි බිඳවැටීමට හේතුව සම්බන්ධයෙන් 2025.02.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(iii)    මූල්‍ය සංචිත, විදේශ ණය ආදිය පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2025.02.21 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (පස්වැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උතුරු පළාතේ නීති විරෝධී ධීවර කටයුතු වලට එරෙහිව පියවර ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තුරෛරාසා රවිකරන් මහතා විසින් යෝජනා කරන ලදී.



අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2025 පෙබරවාරි මස 24 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.