ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 පෙබරවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-21

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව
2 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩී. වී. චානක මහතා                    
(ii)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා                    
(iii)    ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා        
(iv)    ගරු අශෝක ගුණසේන මහතා   - පෙත්සම් දෙකයි
(v)    ගරු නන්දන පත්මකුමාර මහතා - පෙත්සම් අටයි
(vi)    ගරු රුවන් මාපලගම මහතා    - පෙත්සම් දහතුනයි
(vii)    ගරු කංචන වැලිපිටිය මහතා   - පෙත්සම් දෙකයි
(viii)    ගරු දේවානන්ද සුරවීර මහතා  - පෙත්සම් හතයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
මූල්‍ය සංචිත, විදේශ ණය ආදිය පිළිබඳ විස්තර



අමාත්‍යාංශ නිවේදන

මෑත කාලීන අපරාධ ක්‍රියාකාරකම් සහ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශ නිවේදන කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (සිව්වැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ සඳහා විසඳුම්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුසන්ත කුමාර නවරත්න මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1842 ට 2025 පෙබරවාරි මස 22 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි