2025 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-02-20 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 පළමු, දෙවන සහ තෙවන කාර්තු සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා
(ii) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය යටතේ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් 2013 ජූලි 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව, 2013 සැප්තැම්බර් 17 දිනැති අංක 1828/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය ජනරජයේ ආණ්ඩුව අතර එළඹි ගිවිසුම සංශෝධනය කරමින් 2024 දෙසැම්බර් 16 දින ඇති කරගත් සන්ධාන පත්‍රය
(iii) 2022/2023 වර්ෂය සඳහා සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු ලසිත් භාෂණ ගමගේ මහතා - පෙත්සම් හතයි
(iv) ගරු චතුර ගලප්පත්ති මහතා - පෙත්සම් පහයි
(v) ගරු (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා
(vi) ගරු කෝසල නුවන් ජයවීර මහතා
(vii) ගරු ලාල් ප්‍රේමනාත් මහතා
(viii) ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
(ix) ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
ඇය සම්බන්ධයෙන් ඩේලි මිරර් සහ අනෙකුත් මාධ්‍ය විසින් පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන්
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (තුන්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අම්පාර, පෙරියනීලාවනයි ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් බලපත්‍ර අත්හිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2025 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.