2025 පෙබරවාරි මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-02-19 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : කාරක සභා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද වරප්‍රසාද යෝජනා පිළිබඳ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(ii) 2023 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 2023 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජේ.සී. අලවතුවල මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු ඉම්රාන් මහරූෆ් මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු අමිල ප්‍රසාද් මහතා
(iv) ගරු නන්ද බණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා
(vi) ගරු දීප්ති වාසලගේ මහත්මිය
(vii) ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා - පෙත්සම් හයයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
දරිද්‍රතාවය තෝරාගැනීමේ නිර්ණායක, අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ අපනයනකරුවන් ආරක්ෂා කිරීම යනාදිය.
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (දෙවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2025 පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.