2025 පෙබරවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-02-18 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2023 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රත්න ගමගේ මහතා - පෙත්සම් දොළහයි
(ii) ගරු මුනීර් මුලාෆර් මහතා
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දොළහයි
(iv) ගරු අජිත් අගලකඩ මහතා
(v) ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා
(vi) ගරු ජගත් මනුවර්ණ මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා
රටේ මෑතකදී ඇති වූ විදුලි බිඳවැටීමට හේතුව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දෙහිවල මිලාද් විද්‍යාලයට භාවිතයට නොගන්නා ගොඩනැගිල්ලක් ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1826 ට 2025 පෙබරවාරි මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.