ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 පෙබරවාරි මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-17

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    අයවැය, ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2025
(ii)    ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති 2025-2027
(iii)    පුරවැසි අයවැය ලේඛනය 2025
(iv)    මධ්‍ය කාලීන ණය කළමනාකරණ ක්‍රමෝපාය වාර්තාව
(v)    වාර්ෂික ණය ලබා ගැනීමේ සැලැස්ම
(vi)    2025 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත (වෙළුම I, II, සහ III)


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

‍විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප‍ෙ.ව. 10.30 ට '2025 අයවැය කථාව' පැවැත්වීය.



කථානායකවරයාගේ නිවේදනය

2025 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2025 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා අපර භාග 3.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාරදිය යුතු බව.



අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය 2025 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

පාර්ලිමේන්තුව අපර භාග 2.00 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 187; විරුද්ධව 00) දෙවනවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.

තුන්වැනිවර කියවීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් (පක්ෂව 158; විරුද්ධව 00) සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2025 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි