ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ස්විට්සර්ලන්ත තානාපතිනිය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-02-07

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය 2025.01.31 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව මෙහිදී ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධී පියවරයන්, සංහිඳියාව සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

ස්විට්සර්ලන්ත තානාපතිනිය විසින් දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර ඉදිරි කාලය තුළදී ද ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය අපේක්ෂා කරන බව අවධාරණය ක‍ළාය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි