2025 පෙබරවාරි මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-02-06

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු වසන්ත සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඇන්ටන් ජයකොඩි මහතා                    
(ii)    ගරු මහින්ද ජයසිංහ මහතා                    
(iii)    ගරු අසෝක සපුමල් රන්වල මහතා                    
(iv)    ගරු කෝසල නුවන් ජයවීර මහතා   - පෙත්සම් දෙකයි
(v)    ගරු අරුණ පනාගොඩ මහතා              
(vi)    ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා  - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රතු ලේබල් ඇලවූ බහාලුම් වරායෙන් මුදා හැරීම ආදි කරුණු පිළිබඳව

ගරු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
උතුර සහ නැගෙනහිර පළාත්වල වී වගාව සම්බන්ධ ගැටලු

 

අමාත්‍යාංශ නිවේදන

මන්නාරම සුළං බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධ ගැටලු පිළිබඳව බලශක්ති අමාත්‍ය, ගරු කුමාර ජයකොඩි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ජනවාරි 22 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු උපුල් කිත්සිරි මහතා
(ii)    ගරු අජිත් පී. පෙරේරා මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1714 ට 2025 පෙබරවාරි මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.