2025 පෙබරවාරි මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-02-05 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
2 : ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIV කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIX කොටස;
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XLVI සහ XLVII කොටස්; සහ
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII සහ XXXIV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XIX සහ XX කොටස්
(ii) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2025 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තෙවැනි වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2024.11.27 සිට 2024.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ හා මූල්‍ය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 29 දිනැති අංක 2412/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vii) 2023 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(viii) 2023 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) 2016 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රවී කරුණානායක මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු ටී. කේ. ජයසුන්දර මහතා
(ii) ගරු ධර්මප්‍රිය දිසානායක මහතා
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(iv) ගරු රවී කරුණානායක මහතා
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුර දී පොලීසිය ඔහුට බාධා කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) විදේශ විනිමය පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
කල් තැබීමේ යෝජනාව
“ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ලබාදීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රුවන් විජේවීර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 පෙබරවාරි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.