ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2025 ජනවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-01-24

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව   

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ එ් යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ එ් යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    පාර්ලිමේන්තුවේ වැඩකටයුතු

2024 දෙසැම්බර් 03 දින සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111, 2025 පෙබරවාරි 14 දක්වා අත්හිටවනු ලැබිය යුතු ය.

(ii)    පාර්ලිමේන්තුවේ වැඩකටයුතු

2024 දෙසැම්බර් 03 දින සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ  ස්ථාවර නියෝග 50(2) හි විධිවිධානවල සඳහන් “ආංශික අධීක්ෂණ කාරක සභාවට” යන වචන වෙනුවට “අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට” යන වචන ආදේශ කිරීමෙන් එකී ස්ථාවර නියෝගය 2025 පෙබරවාරි 14 දින දක්වා බලාත්මක විය යුත්තේ ය.

(iii)    පාර්ලිමේන්තුවේ වැඩකටයුතු

2024 දෙසැම්බර් 03 දින සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමු කරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් 2025 පෙබරවාරි 14 දක්වා විභාග කිරීමටත්, ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, බලය තිබිය යුත්තේ ය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු රුක්මන් සේනානායක මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු ඒ. ඒ. රෙජිනෝල්ඩ් පෙරේරා මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු සිරිනාල් ද මෙල් මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු (වෛද්‍ය) අයි. එම්. ඉල්යාස් මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1256 ට 2025 පෙබරවාරි මස 5 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි