2025 ජනවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-01-23 |
|
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන තෛපොංගල් උත්සවය
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ ගැටලු
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ඔහුට පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් නොකිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iv) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1749 ට 2025 ජනවාරි මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.