2025 ජනවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2025-01-21 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 දෙසැම්බර් 19 දිනැති අංක 2415/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 දෙසැම්බර් 18 දිනැති අංක 2415/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 දෙසැම්බර් 24 දිනැති අංක 2416/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ එ් යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 29 දිනැති අංක 2373/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන දත්ත විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මාර්තු 12 දිනැති අංක 2375/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ කේ. අයි. යූ. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන දත්ත විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අප්‍රේල් 08 දිනැති අංක 2379/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL) විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 03 දිනැති අංක 2382/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන අධ්‍යාපන කළමනාකරණය සහ නායකත්වය පිළිබඳ අධ්‍යාපනපති උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 08 දිනැති අංක 2383/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ඉන්ටර්නැෂනල් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 11 දිනැති අංක 2383/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ඉංග්‍රීසි අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 16 දිනැති අංක 2384/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුඩිස්ට් ඇකඩමි (SIBA) ආයතනය විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණවේදී උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 16 දිනැති අංක 2384/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන නීතිවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජුනි 10 දිනැති අංක 2388/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුඩිස්ට් ඇකඩමි (SIBA) ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජුනි 20 දිනැති අංක 2389/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජුනි 20 දිනැති අංක 2389/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 11 දිනැති අංක 2392/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 සැප්තැම්බර් 25 දිනැති අංක 2403/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2023 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව
(xix) 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 160අ, 161ආ, 161ඇ, 161ඈ, 161ඉ, 161ඊ, 161උ, 161එ, 161ඔ සහ 161ඕ වගන්ති සමඟ කියවිය යුතු 204 වගන්තිය යටතේ එවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ඔක්තෝබර් 22 දිනැති අංක 2407/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xx) 2022 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xxi) 2022 වර්ෂය සඳහා ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(xxii) 2023 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
සමුළුවක් සඳහා ඉන්දියාවට යාමේදී ගුවන් තොටුපළේදී ඇති වූ සිදුවීමක්
කල් තැබීමේ යෝජනාව
“ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජනවාරි මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.