ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තනාපතිතුමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-01-21

ශ්‍රී ලංකාවේ, සෞදි අරාබි රාජ්‍යයේ තානාපති, ගරු කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (ජන. 17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

ගරු අල්කතානි තානාපතිතුමන් විසින් ගරු කථානායකතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට මේ වසරේ දී, වසර 50ක් සපිරෙන බව සිහිපත් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා සෞදි රජයේ සහය ලබාදෙන බව තානාපතිතුමන් වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය දශක පහක කාලය තුළ සෞදි අරාබිය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය ඇගයීමට ලක් කළ කථානායකවරයා, කෘෂිකර්මාන්තය, කාර්මික අංශය සහ සංචාරක යනාදී ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා සෞදි අරාබි රාජ්‍යයේ සහය අපේක්ෂා කරන බව අවධාරණය කළේය.

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව  කථානායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් විදේශ ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍රවල පවතින අවස්ථා පිළිබඳව, මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

 

2 9

10 5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි