ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා, ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

දිනය : 2025-01-21

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර් (Jose Ignacio Sanchez Amor) මහතා, ඇතුළු නියෝජිත පිරිස පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේ දී පළමුව කථානායකවරයා ඇතුළු නව රජය වෙත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා සිය සුබ පැතුම් එක් කළේය. අනතුරුව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් සකස් කළ 2024 ජනාධිපතිවරණ නිරීක්ෂණ ඇතුළත් අවසන් වාර්තාව කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීම පිළිබඳව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයාගේ ප්‍රසාදය මෙහිදී හිමිවි‍ය. මෙම හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය අගය කළ ඒ මහතා තවදුරටත් එම කොමිෂන් සභාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ අගයක පැවතීම පිළිබඳවද ඒ මහතා සිය ප්‍රසාදය පළ කළේය.

මෙහීදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් ඔවුන්ගේ අත්දැකීම බෙදා ගැනීම පිළිබඳව සිය ස්තුතිය පළ කළේය. වර්තමානය වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්ගෙන්, වඩාත් විනිවිදභාවයකින් යුක්තව, දුෂණයෙන් තොර පාලනයක් කරා රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී කථානායකවරයා අවධාරණය කර සිටියේය. මේ අතර ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සමුළුවක් පළමු වරට මෙරටදී පැවැත්වීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බවද මෙහි දී ගරු කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි