ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

දිනය : 2025-01-17

  • “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ දෙදින සභාව කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22

 

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වී ඇත. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව ජනවාරි 21 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව 22 වැනි බදාදා දිනද පැවැත්වීම සඳහා දෙවැනි දිනට කල්තැබීමට මෙහිදී තීරණය විය.

ජනවාරි 22 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.

ජනවාරි 23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ. අනතුරුව ප.ව. 3.30 - ප.ව. 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

ජනවාරි 24 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය විය.

එසේම පාර්ලිමේන්තුව රැස්වන මෙම දින හතරේම දිවා ආහාර විවේකය සඳහා ප.ව. 12.30 - ප.ව. 1.00 කාලය වෙන්කර තිබේ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි