2025 ජනවාරි මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-01-08

Print

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදයේ ප්‍රථම රැස්වීම
C : විවෘත පාර්ලිමේන්තු මූලා‍රම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ප්‍රථම රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVII කොටස; සහ
  • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XX, XXI, XXII, XXIII, XXIV, XXV, XXVI හා XXVII කොටස්, සිව්වැනි කාණ්ඩයේ XIII, XIV, XV, XVI, XVII, XVIII හා XIX කොටස් සහ හයවැනි කාණ්ඩයේ XXIII, XXIV හා XXV කොටස්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා‍ වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2015/2016 වර්ෂය සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාර්ෂික වාර්තාව
(vii)    2020 සහ 2022 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(viii)    2022 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා කම්කරු හා වි‍දේශ රැකියා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ගැටළු

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සහ 6 යටතේ සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    විදේශ විනිමය පනත යටතේ නියමය
(ii)    ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග
(iii)    කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝගය
(iv)    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග


සභාව කල් තබන අවස්ථාවේදී ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු චම්පික හෙට්ටිආරච්චි මහතා
(ii)    ගරු හේෂා විතානගේ මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1736 ට 2025 ජනවාරි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.