2025 ජනවාරි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2025-01-07

Print

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
B : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
C : දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදයේ පළමු රැස්වීම
D : විවෘත පාර්ලිමේන්තු මූලා‍රම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVII කොටස සහ නවවැනි කාණ්ඩයේ XLIII, XLIV හා XLV කොටස්;
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVII, LVIII හා LIX කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLI කොටස; සහ
  • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXI, XXII, XXIII, XXIV, XXV හා XXVI කොටස්, තෙවැනි කාණ්ඩයේ XII, XIII හා XIV කොටස් සහ නවවැනි කාණ්ඩයේ X, XI, XII, XIII හා XIV කොටස්


(ii)    2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36(1) වගන්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2023 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව, එකී පනතේ 36(3) වගන්තිය ප්‍රකාරව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා‍ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 17 දිනැති අංක‍ 2384/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(v)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 දෙසැම්බර් 04 දිනැති අංක‍ 2413/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(vi)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජුනි 18 දිනැති අංක‍ 2389/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වගන්තිය සමඟ කියවිය යුතු 17 වගන්තිය යටතේ එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 30 දිනැති අංක‍ 2382/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii)    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමේ නියෝග සම්බන්ධයෙන් එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 29 දිනැති අංක 2386/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(ix)    2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද සම්බන්ධයෙන් එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මාර්තු 28 දිනැති අංක 2377/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(x)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 54 වගන්තිය සමඟ කියවිය යුතු 71(2) වගන්තියේ (ට) ඡේදය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 10 දරන සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය පනතේ 2 වගන්තිය යටතේ පිහිටුවන ලද සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය විමසා, කොළඹ වරාය නගරයේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 26 දිනැති අංක‍ 2394/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 17 දිනැති අංක 2384/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජූලි 31 දිනැති අංක 2395/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ඔක්තෝබර් 02 දිනැති අංක 2404/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 නොවැම්බර් 01 දිනැති අංක 2408/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 නොවැම්බර් 30 දිනැති අංක 2412/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වගන්තිය යටතේ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 දෙසැම්බර් 21 දිනැති අංක 2415/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(xviii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156ඇ(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, 2024 නොවැම්බර් 25 දිනැති අංක 2412/01 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද භාණ්ඩ, වැඩ හා උපදේශන නොවන සේවා සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය – 2024
(xix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ පීඨයන් සහ අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජූලි 26 දිනැති අංක 2394/65 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 සැප්තැම්බර් 05 දිනැති අංක‍ 2400/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi)    2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තා
(xxii)    2020 සහ 2021 වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2024 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජනවාරි මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.