ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

දිනය : 2025-01-07

  • පාර්ලිමේන්තු සංසද දෙකක් දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිවේදනය කරයි.

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් සහ  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (ජන. 07) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත, ගරු ගමගෙදර දිසානායක, ගරු ගයාන් ජනක යන මහත්වරුන් නම්  කරන ලද බව ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු චතුරංග අබේසිංහ, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, ගරු අර්කම් ඉල්යාස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කරන ලද බවද  ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

එසේම ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදය සහ විවෘත පාර්ලිමේන්තු මූලා‍රම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය යන පාර්ලිමේන්තු සංසද දෙක  දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2024 දෙසැම්බර් 31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව ද ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි