"පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම්" යන මැයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීම |
දිනය : | 2025-01-06 |
"පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න" යන මැයෙන් 2024.12.29 වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව සම්බන්ධව අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා පහත කරුණු අවධාරණය කර ඇත.
එම මාධ්‍ය වාර්වේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340/= ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බවයි.
නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද, දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දින ද පවත්වා ඇත.
ඒ අනුව නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුවල මංගල සැසිවාරයන් වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනසට පහත කරුණු හේතුපාදක වී ඇති බව ඒ මහතා දන්වා සිටී.
-
මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුවල පැවැත්වූ මංගල සභා වාරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ. එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත. මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100% කින් වර්ධනය වී ඇති බව ඒ මහතා තවදුරටත් දන්වා සිටී.
-
තවද මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






