කථානායකවරයා සර්වාගමික නායකයින් බැහැ දැක ආශීර්වාද ලබාගනී |
දිනය : | 2025-01-06 |
ගරු කථානායක, (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (ජන. 04) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස්, දළදා වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තේය. මේ අවස්ථාවට දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාද එක්ව සිටියේය.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ගරු කථානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව ගරු කථානායකවරයා මහනුවර ශ්‍රී සෙල්ව විනායගර් කෝවිලට ගොස් ආශීර්වාද ලබා ගත්තේය.
මේ අතර ඊයේ (05) කථානායකවරයා දෙවටගහ මුස්ලිම් දේවස්ථානයේදී ද ආගමික නායකයන් හමුවී ආශීර්වාද ලබාගත් අතර පසුව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, අගරදගුරු නිවසේදී හමුවී ආශීර්වාද ලබාගත්තේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















