නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 7 වැනිදා... |
දිනය : | 2025-01-02 |
• පාර්ලිමේන්තුව ජනවාරි 7 සිට 10 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
මේ අනුව ජනවාරි 7 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පවසයි.
ජනවාරි 8 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 පෙ.ව. 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර තිබේ.
ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.
ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු කුමාර වෙල්ගම, ගරු එච්. නන්දසේන සහ ගරු ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










