ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් අසිරිමත් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්

දිනය : 2024-12-25

ගරු කථානායකතුමාගේ මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින්, ඔවුන්ගේ සහ අනුබද්ධිත කාර්ය මණ්ඩලයන්හී සාමාජිකයන්ගේ දු දරුවන් සඳහා සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි අගරදගුරු පදවි, ඉඩම් සහ දේපළ සහාය පරිපාලක ක්‍රිෂ්නක ඩිලාන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන්.

සියලුම ජාතින් හා ආගම් අතර සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

කැරොල් ගී ප්‍රසංගය ආරම්භ කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ සකස් කර තිබූ නත්තල් ගස ආලෝකවත් කිරීම සිදු කරන ලදී.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික, සාමාජිකාවන් කැරොල් ගී ගායනය සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ සහ පර්ලිමේන්තුවට අනුබද්ධිත කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ දූ දරුවන් ඇතුළු පවුල්වල සමාජිකයින් ද මෙම අවස්ථාව හා සම්බන්ධ වීම සුවිශේෂී විය. මෙහිදී දරුවන් සඳහාම විශේෂිත වූ විනෝද ජනක ක්‍රියාකාරකම් කිහිපයක්ම සංවිධානය කර තිබූ අතර ඔවුන් සඳහා තෑගි බෝගද ලබා දීම සිදු කෙරිණි. ප්‍රසංගය දර්ශනීය මල් වෙඩි සංදර්ශනයකින්ද වර්ණවත් විය.

මෙම ප්‍රසංගය, පාර්ලිමේන්තු විශේෂ ව්‍යාපෘති කමිටු අරමුදල හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අනෙකුත් සමිති සංගම්වල මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදුණු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය පැවසුවාය.

 

1 2

3 4

5 6

7 8

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි