ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 දෙසැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-12-18

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු මොහමඩ් නිසාම් කාරියප්පර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
B : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1974 අංක 35 දරන සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත් මඟින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් එවකට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 සැප්තැම්බර් 09 දිනැති අංක 2401/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii)    2021/2022 වර්ෂය සඳහා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2020/2021 වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v)    2022 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
(vi)    2023 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
යාපනය ශික්ෂණ රෝහලේ අනියම් සේවකයන් සම්බන්ධ ගැටලු

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල — ශීර්ෂය 102 —  වැඩසටහන 01 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.



සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් ප්‍රශ්නයක් අසන ලදී:-

ගරු අමිල ප්‍රසාද් මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1817 ට 2025 ජනවාරි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි