2024 දෙසැම්බර් මස 17 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-12-17 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
• ගරු මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
• ගරු අර්ජුන සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
• ගරු මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
• ගරු මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයාගේ ඉල්ලා අස්වීම
ගරු අසෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිතුමා පිළිගෙන ඇති බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත එවන ලද ලිපි
කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබීම
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ නම පිළිවෙළින් ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනෙවිය, පා.ම. සහ ගරු බිමල් රත්නායක, පා.ම. යන මහත්ම මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී. අනතුරුව, නව කථානායකවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා යෝජක හා ස්ථිරකරු විසින් මූලාසනය වෙත කැඳවාගෙන යනු ලැබීය.
ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් විසින් ශුභාශිංසන කථා පවත්වනු ලැබීය. ගරු කථානායකතුමා විසින් ඊට පිළිතුරු කථාවක් පවත්වන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් 2025-2029 කාලසීමාව සඳහා වන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වන උපදේශන සැසිය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය - ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ 2017 ජනවාරි සිට 2022 මාර්තු මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලන හා මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳ සිදුකළ විශේෂ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 සැප්තැම්බර් 10 දිනැති අංක 2401/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2024.08.21 සිට 2024.10.10 දක්වා සහ 2024.10.14 සිට 2024.11.25 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන්
(v) 2023 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(viii) 2022 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(ix) 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 2023 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xii) 2023 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii) 2023 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv) 2023 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
අමාත්‍යාංශ නිවේදන
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව, වියදම් ආදිය අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා
ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම්
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපූරක මුදල — ශීර්ෂය 102 — වැඩසටහන 01 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






