ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙති

දිනය : 2024-12-17

දසවැනි පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා ඉදිරියේ අද (දෙසැ. 17) දිවුරුම් දුන්හ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරුන් ලෙස ගරු අර්ජුන සුජීව සේනසිංහ, ගරු මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ ගරු මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගරු මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් මෙසේ දිවුරුම් දුන්හ.

නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු මෙම නව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබූහ.

පසුගිය නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය. ඒ වන විට සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් සඳහා නම් ගැසට්කොට නොතිබුණු අතර  පසුගිය 12 වැනිදා මෙම නව මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කොට තිබුණි. ඒ අනුව මෙසේ එම මන්ත්‍රීවරුන් සිව්දෙනා අතරින් තිදෙනෙකු අද දිවුරුම්දීම සිදු විය.

එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  හිමිව තිබූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහා නම ගැසට්කොට නොතිබුණු අතර  පසුගිය 11 වැනිදා ‍එම මන්ත්‍රීධුරය සඳහා නම ගැසට් කොට තිබුණි. මේ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ගරු මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා මහතාද අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු කළේය.

මින් පෙර ගරු අර්ජුන සුජීව සේනසිංහ, ගරු මනෝ ගනේෂන් සහ ගරු මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මහත්වරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ලෙස කටයුතු කොට තිබේ.

 

1 2

3 4

5 6

7 8

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි