කථානායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දෙයි |
දිනය : | 2024-12-14 |
කථානායක ගරු අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ ගරු අසෝක රන්වල මහතා තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






