ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 සහ 18 රැස්වෙයි

දිනය : 2024-12-13

පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා, සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. පසුගිය 06 වැනිදා ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 2.00 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය විය.

ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

දෙසැම්බර් 18 වැනිදා බදාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෙර දින කල්තබන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක සම්බන්ධ විවාදය සමග, ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගය, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි වලට අදාළ විවාදය පැවැත්වීමටත් එම විෂයන් සියල්ලම පස්වරුවේ සම්මත කරගැනීමටත් නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි