පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ "ආචාර්ය" නාමය සම්බන්ධවයි |
දිනය : | 2024-12-13 |
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ “ආචාර්ය” නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පහත කරුණු අවධාරණය කර සිටී.
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් එකී අතපසුවීම මේ වනවිට නිවැරදි කිරීමට කටයුතු කර ඇති බවද පෙරේරා මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවද ඒ මහතා දන්වා සිටී.
එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරමින් පවතින බවද ජයලත් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කරයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






