2024 දෙසැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-12-06 |
|
කථානායක ගරු (ආචාර්ය) අසෝක රන්වල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 අංක 15 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii) 2022 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2019 සහ 2021 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(v) 2023 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
මතු දැක්වෙන පරිදි අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි හතරක් (24) පත් කළ යුතු ය:—
1. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
2. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
3. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
4. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
5. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
6. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
7. ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
8. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
9. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
10. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
11. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
12. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
13. කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
14. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
15. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
16. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
17. විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
18. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
19. බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
20. තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
21. කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
22. පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
23. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
24. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂයභාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසිඑක් දෙනෙකුගෙන් (21) සමන්විත විය යුතු ය.
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතු ය.
(ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 ප්‍රකාරව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජ්‍ය කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් දස දෙනෙකුගෙන් (10) සමන්විත විය යුතු ය.
(iii) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.
(iv) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 ප්‍රකාරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් හය දෙනෙකුගෙන් (06) සමන්විත විය යුතු ය.
(v) ගෘහ්‍ය කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 ප්‍රකාරව ගෘහ්‍ය කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් නව දෙනෙකුගෙන් (09) සමන්විත විය යුතු ය.
(vi) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දස දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් (10) සමන්විත විය යුතු ය.
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය.
(viii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය.
(ix) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.
(x) ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන ප්‍රකාරව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතු ය.
(xi) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු ය.
(xii) උසස් නිලතල පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 සහ 130(1) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ සේවය කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.
(xiii) පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන ආණ්ඩු පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් හය දෙනෙකුගෙන් (06) සහ විරුද්ධ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් හය දෙනෙකුගෙන් (06) සමන්විත විය යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 13 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය [අතුරු සම්මත ගිණුම]
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 241 — වැඩසටහන 01
(iii) පරිපූරක මුදල — ශීර්ෂය 249 — වැඩසටහන 01
(iv) පරිපූරක මුදල — ශීර්ෂය 243 — වැඩසටහන 01
(v) පරිපූරක මුදල — ශීර්ෂය 126 — වැඩසටහන 01
(vi) පරිපූරක මුදල — ශීර්ෂය 224 — වැඩසටහන 01
(vii) පරිපූරක මුදල — ශීර්ෂය 253 — වැඩසටහන 01
(viii) පරිපූරක මුදල — ශීර්ෂය 102 — වැඩසටහන 01
(ix) පරිපූරක මුදල — ශීර්ෂය 151 — වැඩසටහන 02
(x) පරිපූරක මුදල — ශීර්ෂය 111 — වැඩසටහන 01
(xi) පරිපූරක මුදල — ශීර්ෂය 126 — වැඩසටහන 01
(xii) පරිපූරක මුදල — ශීර්ෂය 103 — වැඩසටහන 02
(xiii) පරිපූරක මුදල — ශීර්ෂය 232 — වැඩසටහන 01
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2024 දෙසැම්බර් මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.