2024 දෙසැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-12-05 |
කථානායක ගරු (ආචාර්ය) අසෝක රන්වල මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය මත නාමයෝජනා කරනු ලබන මන්ත්‍රීවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් වූ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXVI කොටස; සහ
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII හා XIX කොටස්, සිව්වැනි කාණ්ඩයේ III, IV, V, VI, VII, VIII, IX, X, XI හා XII කොටස්, පස්වැනි කාණ්ඩයේ V, VI, VII, VIII හා IX කොටස් සහ හයවැනි කාණ්ඩයේ I, II, III, IV, V, VI, VII, VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XIX, XX, XXI හා XXII කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය - විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 අංක 14 දරන පරිපූරක ඇස්තමේන්තුව.
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 13 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. මෙම අයිතමයන් විවාදයට ගෙන හෙටට කල් තබන ලදී:-
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය [අතුරු සම්මත ගිණුම]
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 241 — වැඩසටහන 01
(iii) පරිපූරක මුදල — ශීර්ෂය 249 — වැඩසටහන 01
(iv) පරිපූරක මුදල — ශීර්ෂය 243 — වැඩසටහන 01
(v) පරිපූරක මුදල — ශීර්ෂය 126 — වැඩසටහන 01
(vi) පරිපූරක මුදල — ශීර්ෂය 224 — වැඩසටහන 01
(vii) පරිපූරක මුදල — ශීර්ෂය 253 — වැඩසටහන 01
(viii) පරිපූරක මුදල — ශීර්ෂය 102 — වැඩසටහන 01
(ix) පරිපූරක මුදල — ශීර්ෂය 151 — වැඩසටහන 02
(x) පරිපූරක මුදල — ශීර්ෂය 111 — වැඩසටහන 01
(xi) පරිපූරක මුදල — ශීර්ෂය 126 — වැඩසටහන 01
(xii) පරිපූරක මුදල — ශීර්ෂය 103 — වැඩසටහන 02
(xiii) පරිපූරක මුදල — ශීර්ෂය 232 — වැඩසටහන 01
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 දෙසැම්බර් මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






