2024 දෙසැම්බර් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-12-04 |
කථානායක ගරු (ආචාර්ය) අසෝක රන්වල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ 2024 නොවැම්බර් 25 දින සිට බලපැවැත්වෙන පරිදි රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 24 දිනැති අංක 2411/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii) 2023 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
අමාත්‍යාංශ නිවේදන
මහවිරු සමරුව සහ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“මෑතකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ඇති වූ ආපදා තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2130 ට 2024 දෙසැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






