2024 දෙසැම්බර් මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-12-03 |
|
කථානායක ගරු (ආචාර්ය) අසෝක රන්වල මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු මුහම්මදු සාලි නලීම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
C : විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක පත්කිරීම
D : සභාපති නාමාවලියට මන්ත්‍රීන් පත් කිරීම
E : දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයක් ස්ථාපනය කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIX කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVIII කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXI කොටස සහ නවවැනි කාණ්ඩයේ XLIII කොටස;
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIV කොටස;
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LV හා LVI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLII කොටස;
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIV, LV හා LVI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXIX හා XL කොටස්; සහ
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VII, VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XIX හා XX කොටස්, තෙවැනි කාණ්ඩයේ III, IV, V, VI, VII, VIII, IX, X හා XI කොටස් සහ නවවැනි කාණ්ඩයේ II, III, IV, V, VI, VII, VIII හා IX කොටස්
(ii) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36(1) වගන්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව, එකී පනතේ 36(3) වගන්තිය ප්‍රකාරව
(iii) 2023 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 අංක 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 දරන පරිපූරක ඇස්තමේන්තු
(ii) සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ජේ. ජේ. ටෙක්ස්ටයිල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අගෝස්තු 26 දිනැති අංක 2399/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(iii) 2024 වර්ෂය සඳහා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(iv) 2024 වර්ෂය සඳහා පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව
(v) 2023 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික විගණන කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi) 2018 පෙබරවාරි 10 දින පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව (වෙළුම I සහ II)
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිද්ධ වෛද්‍ය පීඨයේ අධ්‍යයන අංශ පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 14 දිනැති අංක 2336/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 14 දිනැති අංක 2336/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
අමාත්‍යාංශ නිවේදන
පවතින අයහපත් කාලගුණික ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) තේරීම් කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළ දී සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් යථා පරිදි නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.
(ii) තේරීම් කාරක සභාව
අද දින පාර්ලිමේන්තුව විසින් යථා පරිදි සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනා (12) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු ය:—
ගරු බිමල් රත්නායක මහතා
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා
ගරු අනුර කරුණාතිලක මහතා
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය
ගරු එරංග ගුණසේකර මහතා
ගරු මුනීර් මුලාෆර් මහතා
ගරු ගයන්ත කරුණාතිලක මහතා
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා
ගරු රවී කරුණානායක මහතා
ගරු පත්මනාදන් සත්‍යලිංගම් මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2024 දෙසැම්බර් මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.