ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (දෙසැ. 04) ප.ව. 5.30 සිට ප.ව. 9.30 දක්වා පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් |
දිනය : | 2024-12-03 |
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (04) ප.ව. 5.30 සිට ප.ව. 9.30 දක්වා පැවැත්වීමට අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
මේ අනුව පෙර තීරණය කළ පරිදි ගරු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ. අනතුරුව ප.ව. 5.00 ට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ප.ව. 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවක් ලෙස මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






