ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනව කථානායකවරයා හමුවෙයි

දිනය : 2024-12-02

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගියදා (නොවැ. 28) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේදී අභිනව කථානායකවරයා වෙත සුබ පැතුම් එක්කල ඉන්දීය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින  දිගුකාලීන  සබඳතාවය පිළිබඳව  සිහිපත් කළේය.  තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් කිරීමටත් බලාපොරොත්තු වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින්  පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

දෙපාර්ශවය අතර පැවති මෙම සුහද සාකච්ඡාවේ දී, ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ආදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි