පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වේ |
දිනය : | 2024-11-20 |
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට...
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස 2024.11.19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය.
මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුවිය.
මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබිණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











