ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම 21 වැනිදා පෙරවරු 11.30 ට |
දිනය : | 2024-11-17 |
|
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21 දින පෙරවරු 11.30 ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරන බව මේ වන විටත් දැනුම්දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවීව තිබේ.
මෙහිදි සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළඹෙන නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය.