ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2024-11-06 |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 04) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) ජයලත් පෙරේරා මහතා හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් යන මහත්වරුද සහභාගී වූහ.
මෙහිදී පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව විද්‍යාර්ථීන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා මුඛ්‍ය දේශනය සිදු කළ අතර ඉන් අනතුරුව විද්‍යාර්ථීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ වටයක්ද ක්‍රියාත්මක විය.
එසේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා විසින් වැඩසටහන් අවසන් කරමින් අදහස් දැක්වීමක් සිදුකරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළේය. තවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල හා සම්බන්ධවෙමින් සිදුකරන කෙටි පාඨමාලා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දැනුවත් කිරීමේ වැඩසටහනෙන් අනතුරුව විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු චාරිකාවක්ද පැවැත්වුණු අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












