ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් එක්වූ කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය |
දිනය : | 2024-11-04 |
කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (ඔක්. 29) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සමීප කරවමින් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සමගින් කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.එම් ගුණරත්න මහතා ද එක්ව සිටියේය.
මෙහිදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිනි, උමංගා පණ්ඩිත මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් පාසල් කාලය තුළම ලබා ගැනීම ඔස්සේ සමාජයේ පවතින ගැටලු සඳහා ක්‍රමවත් හා විධිමත් ආකාරයෙන් අවශ්‍ය පිළිතුරු ලබාගැනීමට පවතින අවස්ථාව පිළිබඳවද පැහැදිලි කලාය. එමෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ලබාගන්නා අත්දැකීම් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ වටිනාකම පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. ගුණරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පැහැදිළි කළේය.
අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. පසුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. ඉන් අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා නිල ලාංජන පැළඳවීමද සිදුවිය.
මෙම වැඩටසටහන සඳහා කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරුන් වන ඒම්.ඩී.පී.එස්. ගුණතිලක, ආර්.ඩබ්ලිව්.එල්. ජයවර්ධන, එම්.වී.පී. ස්වාර්ණරේඛා යන මහත්මීන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්, සිසු දරුවන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










