ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන්

දිනය : 2024-10-28

කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (ඔක්. 25) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාව සමගින් ආදී ආනන්දීය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, ආදී ආනන්දීය ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදුකළාය.

මෙහිදී කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතිකපත්‍ර හා නිල ලාංජන ලබාදීම ද පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ අවස්ථාව සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මහත්මි මහත්මීන් , ආරාධිත පාසල් නියෝජනය කරමින් පැමිණි සිසු සිසුවියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

6 8

14 1

10 2

5 3

13 17

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි