ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි

දිනය : 2024-10-14

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම" නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.
 
එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

මේ සඳහා වන පුවත්පත් දැන්වීම මේ මස 13 සහ 14 යන දිනවල ජාතික පුවත්පත්වල පළකර තිබේ.

 

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/315

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි