ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් ගණන 167යි

දිනය : 2024-10-01

  • රජයේ පනත් කෙටුම්පත් 146 යි…
  • පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 21 යි…

 

2020 අගෝස්තු 20 වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් කෙටුම්පත් 167ක් සම්මත වී ඇත.

 

නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත්

වර්ෂය ‍රජයේ පනත් කෙටුම්පත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්
2020 07 00
2021    30 00
2022    44    02
2023    29    05
2024    36    14
මුළු ගණන    146    21

 

රජයේ පනත් කෙටුම්පත් 146
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්  21
නවවැනි පාර්ලිමේන්තුවේ සම්මත වූ මුළු පනත් කෙටුම්පත් ගණන  167

 

ඒ අනුව,

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත,

2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත

2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
 
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත

2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත

යන පනත් මෙලෙස සම්මත වූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයකි.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි